Monday, March 7, 2016

'බිග් මැච්' වලින් දෝරෙ ගලන ජනප්‍රිය පාසල් විනය



මිනිසා යමෙක්‌ හෝ යමක්‌ හෘදයාංගමව වැළ`දගන්නේ ඒ පිළිබ`දව ඇති කැමැත්ත නිසාවෙනි. මෙම කැමැත්ත ඇතිවීමට මිනිසා තුළ එම පුද්ගලයා හෝ එම දෙය පිළිබ`දව ආකර්ෂණයක්‌ ඇතිවිය යුතුය. ඒ අනුව ජනප්‍රිය යන වචනයේ උප්පත්තිය සිදුවන්නේ මෙම කැමැත්ත මත බව පෙනේ. ජනයාට ප්‍රියවූ දෙය යන අදහසින් එය ව්‍යවහාරයේදී භාවිතා වේ. ජනප්‍රිය නළු නිළියන්, ජනප්‍රිය වැඩසටහන්, ජනප්‍රිය ක්‍රීඩකයින් ආදී වශයෙන් ජනප්‍රිය යන නාමාවලිය සමාජීය රුචිය අනුව දිග්ගැස්‌විය හැකිය. නූතනයේ ජනප්‍රිය යන සංකල්පීය වචනය සමාජයේ ප්‍රචලිත සෑම පුද්ගලයෙක්‌ වෙනුවෙන් මෙන්ම සෑම දෙයක්‌ වෙනුවෙන්ම භාවිතා වේ. නමුත් එය දෝෂ සහිතය. ඕනෑම පුද්ගලයෙකුට හෝ ඕනෑම දෙයකට යහපත් හෝ අයහපත් හැසිරීම් හා භාවිතයන් තුලින් සමාජයේ ප්‍රසිද්ධ වියහැකි වුවද ජනප්‍රිය විය නොහැකිය. මන්ද, සමාජයට අවැඩක්‌, අයහපතක්‌ වන දෑ යහපත් සමාජීය පුරවැසියන් අනුමත නොකරන නිසාවෙනි. එවැනි දෑ අප්‍රිය කරන නිසාවෙනි. නමුත් යමෙක්‌ හෝ යමක්‌ ප්‍රසිද්ධ නොවූ පමණින් එයට හේතුව ඔහු හෝ එම දෙය සමාජයේ යහපතට ක්‍රියා නොකිරීම බව පැවසීමද යුක්‌ති සහගත නොවේ. ඔහු හෝ එම දෙය තුළද යහපත් ගුණාංග රාශියක්‌ පැවැතිය හැකිය. ජනතාවට ප්‍රිය විය හැකිය. නමුත් මෙයට හේතුව නූතනයේ ජනප්‍රිය යන සංදර්ශනාත්මක සංකල්පීය තත්ත්වය මුදලේ වටිනාකම හා බලයේ හැකියාව මත සමාජගත වන ස්‌වරූපයක්‌ පෙන්නුම් කිරීමය. යහපත් දෙයක්‌ වුවද ජනතාව අතර ජනප්‍රිය කිරීමට මූල්‍යමය හා අධිකාරීය බලයක්‌ නූතන සමාජ යාන්ත්‍රණය තුළට අවශ්‍ය වී ඇති නමුත් ප්‍රසිද්ධවීමට මේ කිසිවක්‌ අවශ්‍ය නොවේ. මෙරට සිටි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අන්වර්ථ නාමය නූතනයේ මෙරට ලොකු කුඩා ජනතාව අතර ඉතා ප්‍රචලිතය. එම ප්‍රචිලිතභාවය ප්‍රසිද්ධියක්‌ මිස ජනප්‍රියත්වයක්‌ නොවේ. ජනයාට ප්‍රිය වූQ ඇතැම් දෑ ප්‍රසිද්ධ නොවුණා සේම ජනයාට අප්‍රිය වූ ඇතැම් දෑ ප්‍රසිද්ධ වේ. යහපත් දෙයක්‌, ජනතාවට ප්‍රිය වූ දෙයක්‌ සමාජය තුළ ප්‍රසිද්ධවීමට නම් ඒ ස`දහා සැපිරිය යුතු සාධක පැවැතියද අයහපත් දෙයක්‌ සමාජය තුළ ප්‍රසිද්ධවීමට එවන් සාධක බලපානු නොලැබේ. මෙහිදී ජනප්‍රිය හා ප්‍රසිද්ධ යන වචන ද්විත්වය පිළිබ`දව පුළුල් කථීකාවක්‌ කිරීමට හේතුව වූයේ, නූතනයේ එම වචන ද්විත්වය එකම අරුතෙන් යොදාගැනීම නිසාය.

නගරයේ ජනප්‍රිය යෑයි සම්මත පාසල් තුලින් වැඩි අධ්‍යාපනයක්‌, හො`ද අධ්‍යාපනයක්‌, වැඩි පහසුකම් ප්‍රමාණයක්‌ ලැබේය යන විශ්වාසය හා ග්‍රාමීය පාසල්වලට යොමුකිරීමෙන් තම දරුවන් ජනප්‍රිය සමාජයෙන් කොන්වේ යෑයි යන බිය හේතුවෙන් නූතන දෙමාපියන් සෑම විටම උත්සාහ ගනුයේ නගරයේ ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කිරීමටය. මේ ආකාරයට නාගරික පාසල් ජනප්‍රිය පාසල් ලෙස වර්ධනය වීම නිසා නූතනයේ පාසල් ජනප්‍රිය හා සාමාන්‍ය පාසල් ලෙස සමාජීය වර්ගීකරණයක්‌ ඇතිවී තිබේ.

නාගරිකව බිහිවන ජනප්‍රිය පාසල් තුළ ග්‍රාමීය පාසල්වලට වඩා පහසුකම් ඉහළ බව පිළිගත යුතු කරුණකි. ජනප්‍රිය යන ආකල්පය නිසාවෙන් රජයන් විසින්ද ඇතැම් පෞද්ගලික ආයතයන්ද මෙවැනි පාසල්හි සිදුකරන විවිධ වූ ක්‍රියාකාරකම් ස`දහා අනුග්‍රහය ලබාදීමට මැලි නොවෙති. එසේම වැඩි සිසුන් පිරිසක්‌ ඒකරාශි වී සිටීම නිසා රජයන් විසින් ජනප්‍රිය පාසල් වෙත වැඩි පහසුකම් ලබාදීමද අයුක්‌ති සහගත යෑයි පැවැසීම සදාචාර සම්පන්න නොවන්නේ මෙම පාසල්හිද ඉගෙන ගන්නේ අපේම රටේ දරුවන් වන නිසා ය. නාගරිකව බිහි වී ඇති ජනප්‍රිය පාසල් තම පාසලේ නාමය තව තවත් ප්‍රචලිත කරනු වස්‌ නූතනයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. මෙම ක්‍රියාකාරකම් විටෙක තවත් ජනප්‍රිය පාසලකට එරෙහිව සිදුකරන සීතල යුද්ධයකි. මෙම ලිපියේ අරමුණ වන්නේ නාගරිකව බිහි වී ඇති ජනප්‍රිය පාසල් මගින් සිදුකරන එවැනි ක්‍රියාකාරකම් මෙරට පාසල් විනයට ගැළපේද යන්න අවස්‌ථා කිහිපයක්‌ යටතේ විමසා බැලීමය.

ක්‍රීඩා තරග පාසල් ස`දහා අත්‍යවශ්‍ය ය. මන්ද, පාසල් අධ්‍යාපනයෙන් බිහිවිය යුත්තේ ශාස්‌ත්‍රීය දැනුමකින් හෙබි පිරිසක්‌ පමණක්‌ නොවන නිසා ය. ක්‍රීඩාවෙන් ද අප ලොව ජයගත යුතුම ය. ක්‍රීඩාව තරග ජයග්‍රහණය ස`දහා ම නොව දැයේ දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීමටත්, ශාරීරික සෞඛ්‍යය හා මානසික සෞඛ්‍ය ඔප් නැංවීමටත් උපකාරී වේ. මෙරට ජාතික ක්‍රී්‍රsඩාව අත්පන්දු වුවද නූතනයේ පාසල්හි පවතින ජනප්‍රියම ක්‍රීඩාව වනුයේ ක්‍රිකට්‌ ය. මේ නිසා පාසල් අතර වාර්ෂික ක්‍රිකට්‌ තරග (බිග් මැච්) සංවිධානය වේ. මේවා හුදෙක්‌ තරග නොව පාසල් ද්විත්වයක ගෞරවය පිළිබ`ද සංග්‍රාමයක්‌ ලෙස හැ`දින්වීම සුදුසු ය. මෙම ඇතැම් වාර්ෂික පාසල් ක්‍රිකට්‌ තරග නිදහසටත් පෙර යටත් විජිත පාලන සමයේ ආරම්භ වී ඇත. දිවයිනේ ජනප්‍රිය පාසල් මෙම වාර්ෂික ක්‍රිකට්‌ තරග ස`දහා සහභාගි වන අතර ඒ සමග බැ`දුණු ජුගුප්සාජනක සංස්‌කෘතියක්‌ ද වේ. නාගරික ජනප්‍රිය පාසල් හි ක්‍රීඩාවන් ස`දහා පෞද්ගලික අනුග්‍රාහකයන් සිටියද ජනප්‍රිය තලයේ නොමැති පාසල් හි ක්‍රීඩාවන් ස`දහා එවැනි පෞද්ගලික අනුග්‍රාහකයෝ නොමැත. එවැනි පාසල් ස`දහා අනුග්‍රාහකයින් සොයාගැනීම ද අපහසු වන්නේ එම අනුග්‍රහයෙන් අදාළ පෞද්ගලික ආයතනයට ප්‍රචාරණයක්‌ නොලැබෙන නිසා ය. මේ නිසා වාර්ෂික ක්‍රිකට්‌ තරග සංවිධානය කරනු ලබන ඇතැම් පාසලAහි එම වියදම් ස`දහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීමට Rජුව ම පාසල් සිසුන් විශේෂයෙන් අදාළ කණ්‌ඩායමේ සිසුහු පාරට බසිති. එහිදී සිසුන් වෙළෙද ආයතන හා පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන් වෙත යමින් සි`ගමනේ යෙදෙන්නන් ලෙස මුදල් සෙවීමට පෙළඹේ. මෙම යාචක කාර්යය සිදුවනුයේ පාසලේ වග කිවයුතු සියල්ලන්ගේ ම අනුදැනුම යටතේ වීම ශෝකජනක ය. අධ්‍යාපනය පසෙක දමා මුදල් සොයා යාචක වෙස්‌ ගැනීමට පාසල් සිසුන්ට ඉඩ ලබාදීම පාසල් විනයට ගැළපේ ද යන්න සිතාබැලිය යුතු ය. මුදල් සෙවීමෙන් පසු තවත් දේ සිදු වේ. එනම් ඒ ඒ පාසල් විසින් තම පාසලේ ක්‍රිකට්‌ කණ්‌ඩායම දිරිමත් කිරීමට බව පවසමින් මහා මාර්ගයේ එක්‌ මංතීරුවක්‌ කිලෝ මීටර ගණනාවක්‌ අත්පත්කරගෙන යන වාහන පෙළපාලිය ය. මෙම වාහන පෙළපාලිය එම පාසල්වල ආදි සිසුන්ගෙන් හා තවමත් අධ්‍යාපනය ලබන සිසුන් බහුතරයකගේ සහභාගිත්වයෙන් පාසල් බලධාරීන්ගේ ද පූර්ණ අනුදැනුම යටතේ පොලිසියේ ද රථ වාහන හසුරුවා මාර්ගය එළිපෙහෙළි කර දෙන දායකත්වය යටතේ සිදුකරනු ලබන්නකි. වාහනවල වීදුරු කවුළු තුළින් තම උඩුකය එළියට ගෙන දිවි පරදුවට තබමින් ඉතාමත් අසංවර ලෙස හැ`ද පැළ`දගෙන මහ හඬින් වාහන නලා හ`ඩවමින්, මාර්ගයේ යන පදිකයින්ට උසුළු විසුළු කරමින්, කෑ ගසමින් ගමන් කරන මෙම වාහන පෙළපාලිය මෙරට පාසල් විනය පද්ධතියට අනුකූලදැයි මෙතෙක්‌ සොයා නොබැලුවේ එවැනි අංග පාසල් ස`දහා අත්‍යවශ්‍ය බව හැෙ`ගන නිසාද යන්න විමසිය යුතුය. මෙම පෙළපාලියේදී සිදුවන තවත් සිදුවීමක්‌ වන්නේ එම මාර්ගයේ බාලිකා පාසල් වෙත් නම් ඒවාට බලෙන් ඇතුළු වී එහි ශිෂ්‍යාවන්ට උසුළු විසුළු කිරීම ය. නූතනයේ විලාසිතාවක්‌ බවට පත්ව ඇති මෙම තත්ත්වය නිසා සිදු වන විනය විරෝධි ක්‍රියා බොහෝ වෙයි. මෙලෙෂ හැසිරෙමින් බාලිකා පාසලකට ඇතුළු වූ සිසුන් පිරිසක්‌ පිළිබඳවත් පෙළපාලියකින් ගමන් කළ වාහනයක්‌ පෙරළීමෙන් කොළඹ ආනන්ද විදුහලේ සිසුන් දස දෙනෙක්‌ පමණ තුවාල ලද බවත් පසු ගිය සතියේ අසන්නට ලැබිණි. මෙම සිදුවීම් දැක දැක නොදැක්‌කා සේ සිටීම වරදක්‌ බව වගකිව යුත්තන් නොසිතීම මෙරට පාසල් විනය පාලනයට සිදුව ඇති බලවත් අභාග්‍යයකි.

වාර්ෂික ක්‍රිකට්‌ තරග සමග ඇතිවන මෙම විනය විරෝධී උන්මාදය ඇතැම්විට පුපුරායන්නේ එක්‌ පාසලක්‌ පැරැදුණු විට හෝ පරාජයවීමට ඉඩහසර පෑදෙන විට ය. බිග් මැච් උන්මාදය එළියට පැමිණි අවස්‌ථා පසුගිය වසරේ දී ද දැකිය හැකි විය. පසු ගිය වසරේ මාර්තු 21 වැනිදා පැවති කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගයේ දී ඩී. එස්‌. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය අබියසට පැමිණි විට ප්‍රතිවාදී පාසලේ ආදි සිසුන් හා සිසුන් පිටිය මැදට කඩාපැන ප්‍රතිවාදීන්ට පහරදීමට පටන් ගත්තේ වනචාරීන් මෙනි. එසේම එදිනම අවසන් වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැති තෙදින තරගය ජය පරාජයකින් තොරව අවසන් වුව ද අවසන් දිනයේදී අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළ මොහොතේ සිසුන් කලහාකාරී ලෙස හැසිරුණ අතර එහිදී විනිසුරුවන් පණ බේරාගත්තේ දෙපයේ පිහිටින් ක්‍රීඩා මණ්‌ඩපයට දිව යාමෙනිs. පෙර වසරේ දී ගාල්ලෙන් ද එවැනි අවස්‌ථාවක්‌ වාර්තා වූ අතර මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලයන්හි සිසුන් පාලනය කිරීමට කඳුළු ගෑස්‌ පවා යොදාගැනීමට පොලීසියට සිදුවූයේ කාගේ වරද නිසාදැයි වටහාගත යුතු ය. නැතහොත් ක්‍රීඩා පිටිය මැද සිසුවෙකු අවසන් ගමන් යන දිනය ළඟදීම උදාවීම නියතය. නියපොත්තෙන් කඩා ඉවත් කළයුතු දෙය පොරොවෙන් කපන තත්ත්වය දක්‌වා වර්ධනය කරවීම සමාජයේ අභිවෘද්ධියට අහිතකර වේ.

මේ වනාහි සියල්ල නොවේ. ජනප්‍රිය ලෙස පෙනී සිටින පාසල් සිදුකරන එම ක්‍රියාවන් හ`දින්විය යුත්තේ ජනප්‍රිය යන නාමයෙන්ද ප්‍රසිද්ධ යන නාමයෙන්ද යන්න බුද්ධිමත් සමාජීය පුරවැසියන් තීරණය කළ යුතුය. ඕනෑම යහපත් මෙන්ම අයහපත් ක්‍රියාවන්ද ප්‍රසිද්ධ විය හැකි නමුදු අහයපත් ක්‍රිsයාවන් ජනප්‍රිය ලෙස හැ`දින්වීම සුදුසු නොවේ. මන්ද, ඒවා අප්‍රිය ක්‍රියාවන් වන නිසා ය. සමාජ සම්මත ඇතැම් ජනප්‍රිය පාසල් සිදුකරන ක්‍රියාවන් ජනප්‍රිය ද නැතහොත් අප්‍රිය ද යන්න බුද්ධිමත්ව වටහාගත යුතු ය.

කේ. උදේනි අරුණසිරි
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය - කොටුව, ගාල්ල


http://www.divaina.com/2016/03/07/gurusitha01.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි