Monday, March 7, 2016

“මේ තල ගහ පීදෙන්ට ළඟයි. කපන්ට ඕනෑ”

තල මලේ වරුණ

පසු­ගි­යදා මා අත්තා සමඟ විවේ­කීව සිටින විට ගෙමි­දු­ලට මඳක් දුරින් තිබූ තල ගස පෙන්වා “මේ තල ගහ පීදෙන්ට ළඟයි. කපන්ට ඕනෑ” යැයි අත්තා කීවේය. “ඇයි අත්තේ තල ගස කපන්නෙ?” යැයි මම අත්තා­ගෙන් විම­සු­වෙමි. එවිට අත්තා මට තල ගස ගැන තොර­තුරු කියා දුන්නේය.
අතී­තයේ තල ගසින් බො‍හෝ ප්‍රයෝ­ජන ගැනුණි. තල ගොබ ඉරා තම්බා, මඳ පවනේ වේළා පැදුරු, මාගල් වට්ටි, පෙට්ටි, විසි­තුරු භාණ්ඩ, බිත්ති සැර­සිලි ආදිය නිර්මා­ණය කිරී­මට යොදා ගැනිණි. ඒ කාල‍යේ අකුරු ලිවී­මට ද තල ගොබ යොදා ගනු ලැබිණි. එමෙන් ම පණි­විඩ යැව්වේ ද තල ගොබයේ ලියාය.
තල­ප­ත්වල අකුරු ලිවී­මට වෙන­මම පෑනක් තිබිණි. එය ලෝහ කූරක අග සිහින්ව උල්කර තැනූ උප­ක­ර­ණ­යකි. එය හැඳි­න්වූයේ පන්හිඳ නමිනි. තල­පතේ පන්හි‍ඳෙන් ලිවූ විට අපැ­හැ­දි­ලිය. එනිසා කළු මැදිය යුතුය. පාන්ක­ඩ­යක් පොල් තෙලෙහි ඔබා, පුලු­ස්සා­ගත් අළු පොල් තෙල් සමඟ මිශ්‍ර කොට අකුරු ලියූ තල පත්වල අතුල්ලා රෙදි කඩ­කින් පිස දැමූ විට පන්හි‍ඳෙන් තල­ප­තෙහි ලියූ දේ පැහැ­දි­ලිව පෙ‍ෙන්.
අතී­තයේ හඳ­හන් ලියන්නේ ද තල පතෙ­හිය. යන්ත්‍ර මන්ත්‍ර, වෙද හෙද­කම් ආදී දේවල් ලියා තැබුවේ ද තල­ප­ත්ව­ලය. අගනා මිණි මුතු, මැණික්, රන්, රිදී වැනි වටිනා වස්තු රජ­වරු, සිටු­වරු නිධන් කොට තැබූහ. ඒ පිළි­බඳ ලියා තැබුවේ ද තල­ප­ත්ව­ලය. මෙය නිධන් වදුල ලෙස හඳු­න්වයි.
තල ගසෙන් පිටි ද ලබා­ගත හැක. ගස පීදෙ­න්නට ළංවන විට කපා තල බඩය වංගෙ­ඩියේ දමා කොටා ජලය වත්කොට රොඩු සියල්ල ඉව­ත්කොට තැබී­මෙන් පිටි ජල බඳුනේ පතුලේ තැන්පත් වෙයි. ඉන්පසු ජලය ඉවත් කර අව්වේ වේලා ගනී. මේ පිටි­ව­ලින් ආප්ප, ඉඳි­ආප්ප, පිට්ටු, කැවුම්, කොකිස්, කේක් වැනි කෑම සාදා ගත හැකිය.
ආර­ණ්‍ය­ගත භික්ෂූන් වහන්සේ හා රාමඤ්ඤ නිකායික භික්ෂූන් වහන්සේ කුඩය වෙනු­වට තල් අත්ත භාවිතා කළහ. ගොවියා තල ගසේ කඳ ලියැදි හරහා ජලය එහා මෙහා යෑමට යොදා ගනු ලැබිණි.
තල­මල අලං­කාර වූවත් ගැමි ජනයා තල මලක් පිපීම අසුබ නිමි­ත්තක් ලෙස සල­කති. තල­ම­ලක් පිපී­මට අවු­රුදු 50-60 ක් පමණ කාල­යක් ගත­වෙයි. ගසේ සිදු­වන වෙනස් වීම් මඟින් තල මලක් පිපී­මට ආසන්න බව ගැමියා දැන ගනියි. එවිට මල පිපෙ­න්නට ඉඩ නොදී ගස කපා දමති. තල මලක් පිපු­ණ­හොත් ගම් හතක් පාළු­ වන බව ගැමියෝ විශ්වාස කරති.
අනෙ­කුත් ගස්වල මල් පිපෙන්නේ අතු­වල හෝ ක‍ඳේය. තල ගසේ මල පිපෙන්නේ ගස මුදු­නේය. පිපෙන්නේ ද එක් මලක් පමණි. තල මලක් මෝරා වැඩෙන විට කෘමි සත්තු විශාල සංඛ්‍යා­වක් ඊට එකතු වෙති. මලේ සවි බලය නැති වුණු විට සත්තු බිමට වැටෙති, ඈතට විසි­රී­යති. මේ කෘමි සත්තු බෝග­ව­ලට බොහෝ හානි පමු­ණු­වති. ගැමියෝ තල­මල පිපී­මෙන් ගම් හතක් පාළු­ වන බව විශ්වාස කරන්නේ මේ හේතුවෙන් විය හැකිය.
හිරු­දිනී කුමාරි විජේ­ති­ලක
9 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනා­නා­යක මධ්‍ය විද්‍යා­ලය,
තෝලං­ග­මුව.
 

http://www.silumina.lk/2016/03/06/_art.asp?fn=au160306

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි